Bakkula Maha Saya

බක්කුල මහා සෑ රදුන්

  • උස – අඩි 130
  • හැඩය – බුම්බුලාකාර හැඩය

තැම්පත් වන ධාතු විස්තරය –

තුන් ලෝකාග්‍ර තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ශාරීරික ධාතූන්වහන්සේලා. සර්වඥ කේෂ ධාතූන්වහන්සේලා.

බක්කුල මහරහතන් වහන්සේ, සීවලී මහරහතන්වහන්සේ ප්‍රධාන අසූමහාශ්‍රාවක මහරහතන්වහන්සේලා පස්නමකගේ මහ රහත් ධාතූනවහන්සේලා තවත් බොහෝ මහරහතන්වහන්සේලාගේ මහරහතන් ධාතූන්වහන්සේලා. තායිලන්තයේ ධම්මකාය පුණ්‍යභූමියෙන් බක්කුල මහාසෑය වෙනුවෙන් ලැබුණු උතතම මහරහත් ධාතූන්වහන්සේලා.

තායිලන්තයේ සංඝරාජ හිමියන්ගේ පරිත්‍යාගයක් ලෙස බක්කුල සෑයට ලැබුණු මැණික් බුද්ධ ප්‍රථිමා වහන්සේලා මහ දහස් ගනනක් විවිධ මුද්‍රාවන් ගෙන් යතු බුදධ ප්‍රථිමා වහන්සේලා. ඇත් දළෙන් නිමවා රන්කොපුවක බහාලන ලද සතර දළදා අනුරැව. අකුධාතුන් වහන්සේගේ අනුරැව. ලලාට ධාතූන් වහන්සේගේ අනුරැව. රනින් නිමවන ලද සිරිපා සටහන්. රන් බෝපත්‍ර වලින් නිමවන ලද ජය ශ්‍රී මහ බෝධි අනුරැව ආදී පූජනීය වන්දනීය නිධන්වස්තු රැසක් තැම්පත් කරමින් ගෞතම බුදු සසන උදෙසා බක්කුල මහා සෑය නිර්මානය කෙරේ.

නිර්මාණය –

සෑ ගර්භය තුල සැදැහැවතුන්ට දැක වන්දනා කල හැකි පරිදි ගර්භය මධ්‍යයේ බුද්ධත්වය ලැබූ ජය ශ්‍රී මහා බෝධි අනුරුවක් සහ ඒ දෙසට වන්දනා කරමින් වැඩසිටින අසූමහාශ්‍රාවක මහරහතන්වහන්සේලා අසූනමගේම ප්‍රථිමා වහන්සේලා නිර්මාණය කෙරේ. වජිරාසනය මත අඩි 6 ක සුවිශාල පිත්තල කරඩුවක් මත සර්වඥ ධාතූන් වහන්සේලා තැම්පත් කෙරේ.

චෛත්‍ය තුළ බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ප්‍රථිමා වහන්සේ නමක් සමග බක්කුල මහරහතන් වහන්සේ සසර පාරමී පුරමින් රැස්කල පිංකම සහ බක්කුල තෙරිඳුන්ගේ ජීවිත කතාව සිතුවම් 10 කින් සැදැහැවත් හට සම්පූර්ණ දැනුමක් ඇතිවන ලෙස සිතුවම් කෙරේ.

බක්කුල සෑයේ පේශාවලලු වලට පහලින් ඇත් රංචු පෙලක් සහ ඒ තුළින් දිව්‍ය හස්ථින් වෙනස්ම ආකාරයකට අලංකාරවත්ව නිර්මාණය කෙරේ. මනරම් වලාකුළු බැමි. චෛත්‍යට ඇතුළු වන ප්‍රධාන පියගැට පෙල දෙපස හංස පොකුණු ආදී විචිත්‍රවත් නිර්මාණ රැසකින් යුතු බක්කුල මහා සෑය පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ සංකල්පයක් මත ගෞතම බුදු සසුනට දායාද කිරීම පිණිස මේ දනවල නිර්මාණය කෙරෙමින් පවතී.

“නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
යො පුබ්බෙ කරණීයානි, පච්ඡා සො කාතුමිච්ඡති;
සුඛා සො ධංසතෙ ඨානා, පච්ඡා ච මනුතප්පති.
යඤ්හි කයිරා තඤ්හි වදෙ, යං න කයිරා න තං වදෙ;
අකරොන්තං භාසමානං, පරිජානන්ති පණ්ඩිතා.
සුසුඛං වත නිබ්බානං, සම්මාසම්බුද්ධදෙසිතං;
සොකං විරජං ඛෙමං, යත්‍ථ දුක්‍ඛං නිරුජ්ඣතීති.”

“යමෙක් පළමු ව කළ යුතු දෑ නො කොට පසුවට කල් දමයි ද, හෙතෙම ස්වර්ගයෙන් හා මෝක්‍ෂයෙන් පිරිහෙහි. පසුතැවෙන්නේ ද වෙයි. යමක් ම කරන්නේ නම් එය ම කියන්නේ ය. යමක් නොකරන්නේ නම් එය නොකියන්නේ ය. එසේ නොකරන්නාහුට නුවණැතියෝ බුහුමන් නොකරත්. යම් තැනක සසර දුක නිරුද්‍ධ වේ නම් සම්බුදුන් විසින් දෙසන ලද ඒ ශෝක රහිත වූ රාගාදී රජස් රහිත වූ නිරුපද්‍රිත වූ නිවන ඒකාන්තයෙන් ම මනා සුවය වෙයි.”

යනු මේ ගාථාවල සරල අර්ථයයි. මෙය බක්කුල හිමියන් විසින් ප්‍රකාශ කරන ලද ගාථාවන් ය. මම නිරෝගී පුද්ගලයකු වෙමි. අන් අය රෝග බහුලයෝ ය. මට සෙම්ප්‍රතිශ්‍යාවක් තරම්වත් රෝගයක් නැතැයි ඇති කරගන්නා වූ මානය ආරෝග්‍ය මදය නම් වේ. නිරෝගී බව උතුම් ම ලාභය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පසේනදී කොසොල් රජතුමා වැනි රාජ්‍ය නායකයකුට ය. සියලු සම්පත් නො අඩු ව තිබුණ ද, ඔහුට නැති වූයේ නිරෝගී සම්පතයි. එය ද සුව කළ නොහැකි අසාධ්‍ය රෝගයක් නොව, පමණට වඩා ආහාර ගැනීම නිසා ඇති වූ මත් බවත්, නිදිමත ගතියක් ආදී වූ අපහසුතාවයන් ය.

නිරෝගී පුද්ගලයකු වීම, ප්‍රතිපත්ති පූරණයේ දී ද ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හේතුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. එපමණක් නොව නිරෝගී බව ඇගැයීමට ලක් කළේ එවැනි අයට තනතුරු ද ප්‍රදානය කිරීමෙනි. බක්කුල තෙරුන්ට තනතුරු ප්‍රදානය කිරීම එවන් අවස්ථාවකි. “එතදග‍්ගං භික්‍ඛවෙ මම සාවකානං අප‍්පාබාධානං යදිදං බක‍්කුලො” යනුවෙන් ‘මහණෙනි, යම් බක්කුල නම් භික්‍ෂුවක් වේ ද නිරෝගී වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර යැ’යි අග්‍රස්ථානයේ තැබූ සේක. හුදු ප්‍රාර්ථනාවෙන් පමණක් නිරෝගීකම ලබාගත නොහැකි බව මේ බක්කුල ථෙරාපදානයෙන් පැහැදිලි වෙයි. ඒ සඳහා උපයෝගී වන පින්කම් රාශියක් පෙර භවවල දී බක්කුල හිමියන් විසින් සිදු කොට ඇත.

අනෝමදස්සී බුද්ධ කාලයේ දී බමුණුකුලයක ඉපිද එම බුදුරදුන්ට ඇති වූ උදරාබාධයකට කැලයෙන් බෙහෙත් සොයා ගෙනවිත් දී එම උදරාබාධය සුව කිරීම, නැවත පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී අල්පාබාධ ඇත්තවුන් අතුරෙන් අග තනතුරු ලත් භික්‍ෂුවක් දැක තමන් ද එවැනි ම තනතුරක් ලබාගැනීමට ප්‍රාර්ථනා කර ඇත. විපස්සී බුදුරදුන්ගේ කාලයේ දී ද භික්‍ෂූන්ට හටගත් රෝගයකට බෙහෙත් සපයා දී ඇත. අද බොහෝ දෙනෙක් නොදන්නා, එමෙන් ම ගණන් නොගන්නා සුවිශේෂ වටිනා පින්කමක් ද කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ දී බක්කුල හිමියන් විසින් සිදු කොට ඇත. එනම් ජරාජීර්ණ ව, විනාශ වෙමින් පැවති එක්තරා විහාරස්ථානයකට උපෝසථාගාර සහිත ආවාස ගෘහයක් කරවා දීම ය. එපමණක් නොව ගරා වැටෙමින් පවතින චෛත්‍යස්ථාන, මාර්ග, ඒදඬු, පාලම්, අම්බලම් වැනි පොදු වස්තු අලුත්වැඩියා කිරීමෙන් ඇතැම් නිදන්ගත රෝගවලින් පවා සුවය ලැබූ අවස්ථා අපට පැරණි පොතපත කියා දෙයි. මෙය ඒ බක්කුල හිමියන්ගේ අනුපිළිවෙළ කතාවයි.

අනෝමදස්සී බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම් අතීතයේ මෙයින් ඒකාසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ අනූපම දර්‍ශන ඇති අනෝමදස්සී නම් බුදුන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා ලොව පහළ වූ සේක. ඒ කාලයේ එක් බමුණු කුමාරයෙක් වැඩි වියට පැමිණ උගන්නාලද වේද ඇත්තේ ත්‍රිවේදයේ හරයක් නොදැක ‘පරලොව යහපත සඳහා මඟක් සොයන්නෙමි’යි සිතා හිමවතට නුදුරෙහි සෝභිත නම් පර්‍වතයෙහි ඍෂිවරයෙකු මෙන් පැවිදි ව පංච අභිඥා හා අෂ්ට සමාපත්ති උපදවා සුව සේ කල් යැවීය.

ඒ සෝභිත නම් පර්වතයෙහි තම ශිෂ්‍යයන් විසින් මැනවින් කරනලද අසපුවක් විය. එහි විසිතුරු මණ්ඩපයෝ ද බොහෝ වූහ. පිපුණු නික වෘක්‍ෂයෝ ද ජීවජීවක (සපු?) වෘක්‍ෂයෝ ද, දිවුල් වෘක්‍ෂයෝ ද බොහෝ වූහ. ඩෙබර, නෙල්ලි, උගුරැස්ස, ලබු, ආලක, බෙලි, කෙසෙල්, නාරං, උක්, කුඹුක්, පුවඟු, කොහොඹ, සලල (හොර), කොළොම්, නුග ආදී වෘක්‍ෂයෝ ද පිපුණු සුදු නෙළුම් ද එහි බොහෝ ය. එම අසපුව මෙබඳු ය. ශිෂ්‍යයන් සහිතව හෙතෙම එහි විසීය.

එසමයෙහි පස්මරුන් දිනූ ඒ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරා චාරිකාවේ වඩින සේක් විවේකය පිණිස මෙම අසපුව සමීපයෙහි වූ අරණට එළඹිසේක. තවුස් තෙමේ ද ‘බුදුන් පහළ වී ය’යි අසා ශාස්තෘන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා දෙසුම් කෙළවර තිසරණයේ පිහිටියේ ය. තවුස් බව අතහැර පැවිදි වීමට සිත් නොවූ හෙතෙම කලින් කලට ශාස්තෘන් වහන්සේ දැකීමට ද යයි. දහම් ද අසයි.
ඉක්බිති එක් කලෙක විනායක ඒ අනෝමදස්සී තථාගතයන් වහන්සේට වාත රෝගයක් උපන්නේ ය. තවුස් තෙමේ ශාස්තෘන් වහන්සේ දැකීමට පැමිණ ‘ශාස්තෘන් වහන්සේ ගිලන් සේක යැ’යි අසා ‘ස්වාමීනි, කවර ආබාධයක් දැ’යි අසා උදර වාතයක් යැයි කී කල්හි ‘මට පින් කිරීමට මේ කාලය’යි සිතා තම අසපුවට ගොස් ශිෂ්‍යයන් කැටි ව නොයෙක් ආකාරයේ ඖෂධ පිළියෙළ කොට ‘මේ බෙහෙත ශාස්තෘන් වහන්සේට එළවුව මැනව’යි උපස්ථායක තෙරුන්ට දුන්නේ ය. බෙහෙත යෙදීමත් සමග ම ආබාධය සංසිඳුණේ ය. තවුස් තෙම පසු ව ශාස්තෘන් වහන්සේ වෙත ගොස් මෙසේ කීය; ‘ස්වාමීනි, මගේ බෙහෙතින් තථාගතයන් වහන්සේට යම් මේ පහසුවක් හටගත්තේ ද ඒ පින්කමේ විපාකයෙන් මට උපනුපන් භවයෙහි කිරිදෙව්නා පමණ වූ සුළු කලකට ද ශරීර ව්‍යාධියක් නම් නොවේවා!’ යනුවෙනි. එවිට උතුම් වූ ඒ අනෝමදස්සී බුදුහු මෙසේ වදාළ සේක.

“යමෙක් මට බෙහෙත් දුන්නේ ද, මාගේ රෝගය සන්සිඳු වී ද, හෙතෙම මේ හේතුවෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. එම දෙව්ලොවෙහි තූර්‍ය්‍යයන් වාදනය කරණ කල්හි මෙතෙම හැම විට ම සතුටු වන්නේ ය. මිනිස් ලොව දහස් වරක් සක්විති රජ වන්නේ ය. මින් පනස්පස් වන කල්පයෙහි සිව් මහා දිවයින් හා සිව් සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සත්රුවණින් යුත්, මහත් බලැති අනෝම නම් සක්විති රජෙක් ව, තව්තිසාව ද කලඹා ආධිපත්‍යය කරන්නේ ය. දෙවියෙක් වුව ද මනුෂ්‍යයෙක් වුව ද නිරෝගී කෙනෙක් වන්නේ ය. මතු ගෞතම බුදුන් දවස බක්කුල නමින් මහරහත් බවට පැමිණ නිරෝගී බවින් අගතැන්පත් ව පිරිනිවන් පාන්නේ ය.” යනුවෙනි. මෙසේ ඔහු කළ කර්‍මය සරු කෙතක වපුළ බීජ මෙන් විය.
පියුමතුරා බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම්

හෙතෙම එයින් චුත ව බඹ ලොව ඉපිද ඒකාසංඛ්‍යය කල්පයක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ පුරුෂෝත්තම පදුමුත්තර බුදුන්ගේ කාලයේ හංසවතී නුවර කුල ගෙයක උපන්නේ ය. එකල පස්මරුන් දිනූ ඒ පියුමතුරා බුදුන් වහන්සේ එක් භික්ෂුවක් අල්ප ආබාධ වූවන් අතුරෙන් අගතැන්හි තැබී ය. හෙතෙම මෙය දැක සතුටු ව පින්දහම් කොට ඒ තනතුර පැතීය. විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම් හෙතෙම දිවි ඇති තෙක් පිංකම් කොට ඉන් චුත ව දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ මෙයින් කල්ප අනූඑකකට මත්තෙන් දෙපා ඇත්තන්ට අග්‍ර වූ විපස්සී බුදුන් පහළ වීමට පෙර දී ම බන්‍ධුමතී නගරයෙහි බමුණු කුලයෙහි උපන්නේ ය. එහි දී ද පෙර සේ ම ඍෂිවරයෙකු මෙන් පැවිදි ව ධ්‍යානලාභී ව පර්වත පාදයක වාසය කරයි. මහර්ෂි වූ විපස්සී බෝසතාණන් වහන්සේ ද අවුරුදු අට දහසක් ගිහිගෙයි වැස සතර පෙර නිමිති දැක මහබිනික්මන් කොට වෙසක් පුන්පොහෝ දින මරබල නසා බුද්ධත්වයට පත් ව හැටඅට දහසක් මහත් භික්‍ෂු සංඝයා සහිත ව බන්‍ධුමතිය ඇසුරු කොට බන්‍ධුමා පියමහරජුට සංග්‍රහ කරමින් ඛේම මිගදායෙහි වාසය කරන සේක.

ඉක්බිති මේ තවුස් තෙමේ නරෝත්තම වූ විපස්සී බුදුන් වහන්සේ ලොව පහළ වූ බව දැන අවුත් ශාස්තෘන් වහන්සේගෙන් ධර්‍මය අසා තිසරණයේ පිහිටියේ ය. තමාගේ තවුස් පැවිද්ද අතහැරීමට අකමැති විය. කලින් කලට ශාස්තෘන් වහන්සේගේ උපස්ථානයට යයි. එක් කලෙක හිමවතෙහි විෂ වෘක්‍ෂයන්ගේ පිපුණු මල් වලින් හමා එන වාතය පැහැසීමෙන් භික්‍ෂූන්ට මත්‍ථක නම් වූ (පීනස්) රෝගයක් හටගත්තේ ය. එම රෝගය උතුම් වූ ශාස්තෘන් වහන්සේට හා දෑගසව්වන්ට හැර සෙසු සියළු භික්‍ෂූන්ට වැළඳුනහ. දිනක් තවුසා ශාස්තෘ උපස්ථානයට පැමිණ හිසේ පටන් පොරවා වැඩ හිඳිනා භික්‍ෂූන් දැක ‘ස්වාමීනි, කිම? භික්‍ෂු සංඝයාට අපහසුවක් දැ’යි විචාළේ ය. ‘මත්‍ථක නම් රෝගයක් ය.’යි පැවසූහ. තවුසා මසේ සිතී ය. ‘බික්සඟනට උපස්ථාන කොට පින් කිරීමට මේ මට කාලයයි.’ මෙසේ සිතා තමන්ගේ ආනුභාවයෙන් නොයෙක් බෙහෙත් සොයා එක් කොට පිළියෙළ කර දුන්නේ ය. සියළු භික්‍ෂූන්ගේ ම රෝගය එකෙණෙහි ම සංසිඳුණේ ය. හෙතෙම දිවි ඇති තෙක් සිට පින්කම් කොට ආයු කෙළවර බඹ ලොව උපන්නේ ය.

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම් හෙතෙම එයින් චුත ව කල්ප අනූඑකක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ නරදෙටු වූ කාශ්‍යප බුදුන්ගේ කාලයේ බරණැස් කුල ගෙයක උපන්නේ ය. වැඩි වියට පැමිණ තමා වසන ගෙය දුබල බැවින් එය පිළිසකර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයන්නේ වඩුවන් සමග ඈත පිටිසර ප්‍රදේශයකට ගියේ ය. යන අතරමඟ එක් දිරාගිය මහවෙහෙරක් දැක ‘මගේ ගෙයි වැඩ තිබියේවා. එය මා සමග පරලොව නොයන්නේ ය. පරලොව පිණිස පින් පිහිට වන්නේ ය. එබැවින් පරලොව පිණිස පින් කළ යුතු ය.’යි සිතා තමා කැටි ව පැමිණි ඒ වඩුවන් ලවා ම ඒ දිරාගිය වෙහෙරෙහි පොහොය ගෙය ද දන් ගෙය ද ගිනිහල් ගෙය ද සක්මන් මළු ද වැසිකිළි-කැසිකිලි හා රෝහලක් ද කර වූයේ ය. භික්‍ෂු සංඝයාට උපභෝග පරිභෝග වන යම්තාක් වස්තු හා බෙහෙත් වෙත් ද ඒ සියල්ල ම පිළියෙළ කොට තැබී ය.

වර්තමාන භවය හෙතෙම දිවි ඇති තෙක් පින්දහම් කොට එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ පසැස් ඇති අපගේ බුදුන් වහන්සේ ලොව පහළ වීමට පෙරාතුව ම කොසඹෑ නුවර සිටු ගෙයක පිළිසිඳ ගත්තේ ය. ඔහු පිළිසිඳගත් දිනයෙහි පටන් ඒ සිටු කුලය ලාභයෙන් යසසින් අගතැන්පත් වූයේ ය. ඉක්බිති ඔහුගේ මව, පුතු වදා මෙසේ සිතුවා ය: ‘මේ දරුවා පින් ඇත්තෙකි. කරනලද ප්‍රාර්ථනා ඇත්තෙකි. යම්තාක් නිරෝගී ව දීර්ඝායුෂ්ක ව සිටී ද එපමණ කලක් අපට යහපතක් වන්නේ ය. උපන් දින ම මහා යමුනා නදියේ නහවන ලද දරුවෝ නිරෝගී වන්නේ ය.’ යි සිතා නැහැවීම සඳහා ඒ දරුවා යැවුවා ය. කිරි මව විසින් දරුවා නාවනු ලබද්දී එක් මත්ස්‍යයෙක් දරුවා දැක ගොදුරක් යැයි සිතා මුව අයාගෙන එළඹියේ ය. කිරි මව බියවී දරුවා අතහැර පළා ගියා ය. මත්ස්‍යයා දරුවා ගිල්ලේ ය. පින්වත් බැවින් දරුවාට අපහසුවක් නොවී ය. යහනක මෙන් මත්ස්‍යයාගේ කුස තුල සිටියේ ය. මත්ස්‍යයා දරුවාගේ තේජසින් රත් වූ තැටියක් ගිල දැවෙන්නෙකු මෙන් වේගයෙන් පිහිනන්නේ තිස් යොදුනක් ගොස් බරණැස් නුවර වැසි කෙවුළකුගේ (ධීවරයකුගේ) දැලට හසු විය. මත්ස්‍යයා දැලෙන් ගොඩ ගනිද්දී ම මළේ ය.

කෙවුළෝ ද මත්ස්‍යයා රැගෙන විකුණනු පිණිස නුවර හැසිරුණේ ය. ඒ නුවර දරුවන් නැති අසූකෙළක් ධනය ඇති සිටු කුලයක් ඇත. ඔවුහු විසින් කහවණුවක් දී මත්ස්‍යයා මිල දී ගන්නා ලද්දේ ය. සිටු බිරිඳ ද අන් දිනයන්හි මසුන් පිසීම සඳහා පිළියෙළ නොකරන්නී ය. ඒ දිනයෙහි වනාහි මත්ස්‍යයා තළියෙහි තබා ඇය ම පැළුවා ය. මසු කුසෙහි රන්වන් දරුවා දැක ‘මසු කුසෙන් මට පුතෙක් ලැබිණැ’යි හඬ නගා දරුවා ද රැගෙන සැමියා සමීපයට ගියා ය. සිටු තෙමේ එකෙණෙහි ම බෙර හසුරුවා දරුවා රැගෙන රජු සමීපයට ගොස් ‘දේවයිනි, මසු කුසින් මට දරුවෙක් ලැබිණ. කුමක් කෙරෙමි දැ’යි ඇසී ය. ‘ඔහු පෝෂණය කරව’යි රජ තෙමේ සිටුහට පැවසී ය.

‘බරණැස එක් සිටු කුලයක් මසුකුසින් දරුවෙක් ලැබීය’යි දරුවා විසූ කොසඹෑ නුවර මුල් කුල ගෙයට ද දැනගන්නට ලැබිණ. ඔවුහු බරණැස් නුවරට ගියාහු ය. වැදූ මව දරුවා ඉල්ලීය. හැදූ මව අකමැති විය. දෙදෙනා ම රජු වෙත ගියා ය. කරුණු කාරණා විමසූ රජු ‘දරුවා කුළ දෙකට ම දායාද වන්නේ යැ’යි කීවේ ය. එතැන් පටන් දෙකුලයට ම බෙහෙවින් ලාභයෙන් යසසින් අගපත් වූයේ ය. ඔහු දෙකුලයක් විසින් වඩන ලද බැවින් බක්කුල (ද්ව + කුල -› ද්වක්කුල -› බක්කුල) කුමරුවා යැයි නම් කළාහු ය.

වැඩිවියට පත් වූ ඔහුට නගර දෙකෙහි ම ප්‍රාසාද තුන බැගින් කරවා නළුවන් තැබුවාහු ය. එක් නුවරක සිව් මසක් බැගින් වසයි. එක් නුවරක සිව් මසක් විසූ ඔහුට පහුරු නැව්වල මණ්ඩපයක් කරවා එහි නළුවන් සමග ඔහු නංවා පෙරහැරින් ගඟ දිගේ අනෙක් නුවරට යයි. එක් නුවරක වැසියෝ අඩක් දුර යති. අනෙක් නුවර වැසියෝ අඩක් දුර පෙර ගමන් කර පිළිගෙන තම නුවරට පමුණුවති. සෙසු නළුවෝ ආපසු හැරී තමන්ගේ නුවරට ම යති. එහි සිව්මසක් වැස ඒ අයුරින් ම යළි අනෙක් නගරයට යයි. මෙසේ සැපසම්පත් විඳින ඔහුට අසූවසක් සපිරිණි. එසමයෙහි අපගේ බෝසතාණෝ බුදුබවට පත් ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු අනුපිළිවෙළින් චාරිකාවෙහි හැසිරිමින් කොසඹෑ නුවරට පැමිණියහ. බක්කුල සිටු තෙමේ ද බුදුන් වහන්සේ වැඩියහයි අසා බොහෝ සුවඳ මල් ආදිය රැගෙන බුදුන් සමීපයට ගොස් දහම් කතා අසා ලැබූ සැදැහැ ඇත්තේ පැවිදි වූයේ ය. හෙතෙම සත් දිනක් පුහුදුන් කෙනෙක් ව සිට අටවන දිනයෙහි උදෑසන සිව්පිළිසිඹියා සහිත මහරහත් බවට පැමිණියේ ය.

දෙනදෙනුවර ඇසුරු කළ කාන්තාවෝ තමන්ගේ කුළගෙවල්වලට ම අවුත් එහි ම වසමින් සිවුරු කොට යැවුවාහු ය. තෙරණුවෝ එක් අඩ මසක් (සති දෙකක්) කොසඹෑ නුවර වැස්සන් විසින් එවන ලද සිවුරු පරිභෝග කරයි. එක් අඩ මසක් බරණැස් නුවර වැස්සන් විසින් එවන ලද සිවුරු පරිභෝග කරයි. එසේ දෙනුවරෙහි ම යම් යම් උතුම් දෙයක් වේ ද එය තෙරුන්ට ගෙනෙනු ලබයි.

බක්කුල තෙරුන් වහන්සේ තුළ වූ ආශ්චයර්‍වත් අද්භූත කරුණු එක් කලෙක බක්කුල තෙරණුවෝ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි තෙරුන්ගේ පැරණි ගිහි යහළුවෙක් වූ අචේල කාශ්‍යප තෙම තෙරුන් වෙත පැමිණියේ ය. පැමිණ එකත්පස් ව හිඳ තෙරුන්ගෙන් මෙසේ ඇසීය.

කාශ්‍යප : ස්වාමීනි, මහණ වී කොපමණ කාලයක් ගත වී ද?
තෙරණුවෝ : ඇවැත් කාශ්‍යපය, පැවිදි වූ මට අවුරුදු අසූවකි.
කාශ්‍යප : ස්වාමීනි, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් කාමයන් සෙවුනා ලද ද?
තෙරණුවෝ : ඇඇවැත් කාශ්‍යපය, මගෙන්, ‘ස්වාමීනි, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුළත කී වරක් කාමයන් සෙවුනා ලද දැ’යි මෙසේ නො ඇසිය යුතු ය. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතු ය. කෙසේ ද? ‘ස්වාමීනි, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව (කාමුක සංකල්පනාව) පහළ වූයේ දැ’යි ඇසිය යුතු ය.
කාශ්‍යප : ස්වාමීනි, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේ ද?
තෙරණුවෝ : ඇවැත් කාශ්‍යපය, පැවිදි වූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නො දනිමි.
කාශ්‍යප : යම් හෙයකින්, නුඹ වහන්සේ වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, එය නුඹ වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයක් යැයි අපි දරමු.

මේ තෙරුන් තුළ පැවති එක් ආශ්චර්යවත් අද්භූත කරුණකි. තෙරුන් පැවිදි වූයේ අසූවන වියෙහි දී ය. පැවිදි ව අසූ වර්ෂයක් වැඩ සිටියහ. තෙරුන් එකසිය හැට වසරක් ජීවත් විය. මේ දෙදෙනාගේ සංවාදයෙන් තෙරුන් තුළ වූ තවත් ආශ්චර්යවත් අද්භූත කරුණු රාශියක් දක්වයි. ඒ මෙසේ ය.

01. පැවිද්දෙන් පසු මේ අසූ වස තුළ කිසි ම දිනක කාම සංඥාවක් (කාමුක හැඟීමක්) පහළ වී නොමැත.
02. කිසි ම දිනක ව්‍යාපාද සංඥාවක් (තරහ හැඟීමක්) පහළ වී නොමැත.
03. කිසි ම දිනක විහිංසා සංඥාවක් පහළ වී නොමැත.
04. කාම විතර්කයක් පහළ වී නොමැත.
05. ව්‍යාපාද විතර්කයක් පහළ වී නොමැත.
06. විහිංසා විතර්කයක් පහළ වී නොමැත.
07. ගෘහපති චීවරයක් (වස්සාවාසික චීවරයක්) පොරවා නොමැත.
08. ආයුධයකින් (කතුරකින්) සිවුරක් කපා නොමැත.
09. ඉදිකටුවකින් සිවුරක් මසා නොමැත.
10. සිවුරක් පඬු පොවා නොමැත.
11. කඨින සිවුරක් මසා නොමැත.

මෙසේ ගෘහපති චීවර නොගෙන ඉරුණු තැන් නොමසා කෙසේ නම් තෙරණුවෝ සිවුරු ලැබුවේ ද? කොසඹෑ හා බරණැස් නුවර දෙකෙනි. තෙරුන් වහන්සේ මහත් යසස් ඇත්තාහ. ඔහුගේ දූදරුවෝ මුනුබුරෝ සියුම් සළු වලින් සිවුරු කොට පඬු පොවා කරඬුවල දමා යවති. තෙරුන් ස්නානය කරන කාලයෙහි නාන කොටුවෙහි සිවුරු තබත්. තෙරුන් වහන්සේ ඒවා අඳිති. පොරවති. පරණ සිවුර පැමිණි භික්‍ෂූන්ට දෙති. තෙරුන් වහන්සේ අළුත් සිවුරු ඇඳ පොරවා අළුත් වැඩක් නො කරයි. උත්සහ ද නො කරයි. ඵලසමාපත්තියට සමවැද සිටියි. හාර මාසයක් ගිය කල සම කිලිටි වෙයි. නමුත් සති දෙකින් දෙකට සිවුරු මාරු කරයි.

12. සබ්‍රහ්ම්සරුන් චීවර කර්මයෙහි යොදා නොමැත.
13. කිසි ආරාධනයක් පිළිගෙන නොමැත.
14. කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැයි’ කියා මෙබඳු සිතක් කිසි දිනක හටගෙන නොමැත.
15. ගම තුළ (නතර වී) හුන් බවක් නොමැත.
16. ගමෙහි දන් වළඳා නොමැත.
තෙරුන් වහන්සේ නුවර එක් ගෙයකට පැමිණි විට ඔවුහු පාත්‍රය රැගෙන නොයෙක් රස ආහාර වලින් පුරවා දෙති. ලබන ලද තැනින් නවතින තෙරුන් වහන්සේ පිණ්ඩපාතය කරගෙන වළඳනා තැනට පැමිණ වළඳයි.ය කරගෙන වළඳනා තැනට පැමිණ වළඳයි.
17. රූපයෙහි නිමිති ගෙන ස්ත්‍රියක් දෙස බලා නොමැත.
18. ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසා නොමැත.
ස්ත්‍රියකට වචන පහකින් හයකින් බණ කියන්නට වටියි. ප්‍රශ්න කරන්නේ නම් ගාථා දහසක් වුවත් කියන්නට වටින්නේ ම ය. තෙරුන් වහන්සේ මෙය කැප වුව ද නො කළහ. බොහෝ සෙයින් කුලුපග භික්‍ෂූන්ට ම මේ කටයුත්ත පවරයි.
19. භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණ නොමැත.
භික්‍ෂුණියක් ගිලන් වූ අවස්ථාවක ආදියේ දී භික්‍ෂුණී ආරාමයකට යන්නට කැප ය. තෙරුන් වහන්සේ මෙය ද කැප වුව ද නො කළහ. බොහෝ සෙයින් කුලුපග භික්‍ෂූන්ට ම මේ කටයුත්ත පවරයි.
20. භික්‍ෂුණියකට දහම් දෙසා නොමැත.
21. සික්ඛමානාවකට (පැවිදිවීම සඳහා හික්මෙන්නියකට) දහම් දෙසා නොමැත.
22. සාමණේරියකට දහම් දෙසා නොමැත.
මොවුන්ට ද වචන පහකින් හයකින් බණ කියන්නට වටියි. ප්‍රශ්න කරන්නේ නම් ගාථා දහසක් වුවත් කියන්නට වටින්නේ ම ය. තෙරුන් වහන්සේ මෙය කැප වුව ද නො කළහ. බොහෝ සෙයින් කුලුපග භික්‍ෂූන්ට ම මේ කටයුත්ත පවරයි.
23. කිසි කෙනෙකු පැවිදි කර නොමැත.
24. කිසි භික්‍ෂුවක් උපසම්පදා කර නොමැත.
25. කිසි භික්‍ෂුවකට නිස දී නොමැත.
26. සාමණේරයෙක් ලවා උපස්ථාන කරවා ගෙන නොමැත.
27. ගිනිහල් ගෙයි (උණු දිය) ස්නානය කළ බවක් නොදනියි.
28. ඇඟ ගාන සුනු (සබන්) ගා කිසි දිනක ස්නානය කර නොමැත.
29. සබ්‍රහ්ම්සරුන් (තමා හා සමාන ව පිළිවෙත් පුරන්නන්) අත් පා මෙහෙවරෙහි යොදවා උපස්ථාන කරවා ගෙන නොමැත.
30. අඩු ම තරමින් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් නොවීය.
31. එසේ ම අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කර නොමැත.
32. හේත්තු වන පුවරුවක හේත්තු වී නොමැත.
33. සයනය කර නොමැත.
34. ග්‍රාමාන්ත (ගමෙහි වූ) සේනාසනයක වස් වසා නොමැත.
තෙරුන් වහන්සේ නේසජ්ජිකාංගය (නිදිමැරීම) හා ආරණ්‍යකාංගය (ආරණ්‍යයේ ම හිඳීම) යන ධූතාංග උත්කෘෂ්ට ලෙස දැරුවේ ය.
35. කෙලෙස් සහිත ව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කළේ ය. ඉක්බිති අටවෙනිදා අර්‍හත්‍වයට පත්විය.

මේ ආශ්චර්යවත් අද්භූත කරුණු ඇසූ අචේල කාශ්‍යප තෙම, “ස්වාමීනි, මම මේ ශාසනයෙහි පැවිදි වන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි කීය. තෙරුන් වහන්සේ තෙමේ පැවිදි නො කරයි. අනුන් ලවා මෙය කර වූහ. පසු ව අචේල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදි බව ලැබීය. උපසම්පදාව ද ලැබීය. කාශ්‍යප තෙරුන් උපසපන් වී නොබෝ කලකින් ම රහත් බවට පැමිණියේ ය.

ඉක්බිති බක්කුල තෙරණුවෝ අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ‘ඇවැත්නි, නික්මෙව්. ඇවැත්නි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේ යැ’යි කීය.

36. මෙසේ බක්කුල තෙරණුවෝ යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස් ‘අද මාගේ පිරිනිවීම වන්නේ යැ’යි කීයේ ද, මෙය ද බක්කුල තෙරුන්ගේ ආශ්චර්යවත් අද්භූත කරුණක් ය.
37. ඉක්බිති බක්කුල තෙරණුවෝ සංඝයා මැද හිඳගෙන ම පිරිනිවියේ ද, මෙය ද ආයුෂ්මත් බක්කුල තෙරුන්ගේ ආශ්චර්යවත් අද්භූත කරුණක් ය.

‘මම වැඩ සිටිනා කාලයේ දී අනෙක් භික්‍ෂුවකට කරදර නො වූයෙමි. පිරිනිවි මාගේ ශරීරය ද භික්‍ෂු සංඝයාට කරදර නොවේවා’යි තේජෝ ධාතුවට සමවැද පිරිනිවියහ. ශරීරයෙන් ගිනි දැලි නැංගේ ය. සම් මස් ලේ ගිතෙල් මෙන් දැවී ක්‍ෂය වූයේ ය. සමන් කැකුළු හා සමාන ධාතු ඉතිරි විය.

ධර්මාශෝක රජු කළ පූජා අශෝක රජු අසූ මහ ශ්‍රාවකයන්ගේ සෑ ප්‍රතිසංස්කරණය කිරීමේ දී දිනක් සැරියුත් හිමියන්ගේ ධාතු ස්තූපය දැක උන්වහන්සේගේ ගුණ කතාව අසා වඩාත් ශ්‍රද්ධාව උපදවා කහවණු ලක්ෂයක් ගෙන සැරියුත් මහරහතන් වහන්සේගේ සෑය ළඟ තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දුන්හ. ඉක්බිති මුගලන් හිමියන්ගේ සෑය ළඟට පැමිණ එසේ ගුණ අසා පැහැදී කහවණු ලක්ෂයක් ගෙන සෑය ළඟ තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දුන්හ. මෙසේ අංගුලිමාල, සරභූ ආදී මහ රහතන් වහන්සේලාගේ සෑයන් අසලට ද පැමිණ එසේ ගුණ අසා පැහැදී කහවණු ලක්ෂයක් බැගින් ගෙන සෑයන් ළඟ තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දුන්හ.

නැවත බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට පැමිණ ගුණ අසනුයේ ‘මේ සාසනයේ නිරෝගී බවින් අගතැන්පත් මහරහතන් වහන්සේ මුන් වහන්සේ ය. දීර්‍ඝායුෂ ය. නමුත් කිසි දිනක එක ම බණ පදයක් වත් දේශනා කර නොමැත. කිසිවෙකු මහණ උපසම්පදා කොට නොමැත.’යි අසා සිත් පහන් නොවී ය. රජු මෙසේ සිතී ය. ‘මුන් වහන්සේ රහත් බව සැබෑ ය. නමුත් අන් කෙනෙකුට නම් යහපතක් කර නැත්තේ දෝහෝ’යි සිතා ඒ සෑය ළඟින් තුට්ටුවක් තැබී ය. ඒ කාසිය නැවත පෙරළී රජුගේ පා අසලට ම පැමිණියහ. සංවේගයට පත් රජු එම සෑයට ද කහවණු ලක්ෂයක් තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දී සමාව ද අයැද සිටියේ ය.

එබැවින් රහතුන්ගේ ගුණය ප්‍රමාණ කළ නොහැක්කේ ය. උන් වහන්සේ සකල ක්ලේශයන් දුරු කිරීම ම උතුම් වන්නේ ය. පූජනීය වන්නේ ය. අනුත්තර පින් කෙතක් වන්නේ ය.

කර්මයාගේ විපාකය බක්කුල හිමියන් පෙර සසරෙහි භික්‍ෂූන්ට උපස්ථාන කළේ හුදු පින් බලාපොරොත්තුවෙන් පමණක් ම නොව. භික්‍ෂූන්ගේ සුඛ විහරණය ද බලාපොරොත්තු වෙනි. අන් අයට පිහිට වූයේ යමක් දෙයක් අපේක්‍ෂාවෙන් ම නොව අන් සත්වයාගේ යහපත වෙනුවෙනි. ඔවුන්ගේ සැපය උදෙසා ය. ශ්‍රද්ධාවෙන් යුත්ත ව කරනලද කුඩා පින්කමක් වුව ද මහත්ඵල මහා ආනිසංස ගෙන දෙන්නේ ය.

එකපුප්ඵං චජිත්වාන, අසීතිං වස්සකොටියො;
සග්ගෙසු පරිචාරෙත්‍වා, සෙසකෙනම්හි නිබ්බුතො”ති.

‘එක් සමන් මලක් පුදා අවුරුදු අසූ කෙළක් මුළුල්ලෙහි ස්වර්ගයන්හි සුව විඳ, ඒ කුශලයාගේ ඉතිරි ව සිටි විපාකයෙන් කෙලෙස් පිරිනිවනින් නිවී ගියෙමි.’යි ඛණ්ඩසුමන තෙරුන්ගේ චරිතාපදානයේ දැක්වේ. උන් වහන්සේ කස්සප බුද්ධ කාලයේ සර්වඥ ධාතු නිධන් කළ සෑයට පූජාවක් සිදු කරනු දැක පූජා කිරීමට කිසිවක් නොමැති ව මල් සොයන්නේ මල් ද නොවී ය. සියල්ල ම පූජා කොට ඇති බැවින් එක් පෙති කැඩුණු සමන් මලක් නටුවෙන් ගෙන බොහෝ ශ්‍රද්ධාවෙන් පූජා කළේ ය. මෙය උන් වහන්සේගේ පුණ්‍ය කර්මය විය. ඒකඤ්ජලික තෙරුන් විපස්සී බුදුන් පිඬු පිණිස හැසිරෙනු දැක සොම්නස් ව වැදීමෙන් කල්ප අනූඑකක් දුගතිගාමී නොවූ බව දැක්වේ. බුදුවරයන්ගේ ගුණය නම් සිතිය නො හැක්කාහ. එබැවින්;

“එවං අචින්තියා බුද්ධා, බුද්ධධම්මා අචින්තියා;
අචින්තියෙ පසන්නානං, විපාකො හොති අචින්තියො”

“මෙසේ බුදුවරයෝ චිත්තවිෂයාතික්‍රාන්තයහ. බුද්ධ දේශිත ධර්‍මය චිත්තවිෂයාතික්‍රාන්තයහ. චිත්තවිෂයාතික්‍රාන්ත වූ බුදුන් කෙරෙහි හා ධර්‍මය කෙරෙහි පැහැදුණ වුන්ට ලැබෙන විපාකය ද චිත්තවිෂයාතික්‍රාන්ත වේ. හෙවත් සිතා අවසන් කළ නො හැකි වේ.”

දු ක් පත් සතෙක් මුනිඳුන් වෙත සිත පෑදී
එ ක් දාගැබෙක දිය බෙරලිය මලක් පිදී
ස ක් විති සැපත් ඉන් පන්සිය වරෙක ලදී
දු ක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී

පෙර එක් දුප්පත් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුන සිතින් එක්තරා දාගැබකට දියබෙරලිය මලක් පූජා කර එම පිනෙන් සක්විති රජ සැප ආත්ම තිස්පස් වාරයක් ලද්දේ ය. එබැවින් කෙනෙක් අකුසලයෙන් මිදී මල් පහන් පූජා කළ හොත් දුක් නැති වන බව මින් දැක්වේ. එබැවින් සැප කැමැත්තෝ අප්‍රමාදී ව කුසල් කටයුතු ය.

කර්මයාගේ ප්‍රතිභානය

“අත්‍ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්ති පටිබාළ්හානි න විපච්චන්ති.” යනුවෙන් ‘ඇතැම් අකුසල වූ කර්‍ම සමාදානයෝ (එක් රැස්වීම්) ඇද්ද, සම්‍යක් ප්‍රයෝගයෙන් වැළකුණාහු වෙති. විපාක නො දෙත්.’ යැයි වදාළ සේක. එනම් ඇතැම් අකුසල්වල විපාක සම්‍යක් ප්‍රයෝගයන් වලින් යටපත් කළ හැකි බවයි. සම්‍යක් ප්‍රයෝග නම් යහපත් ලෙස නිවැරදි ආකාරයෙන් ජීවිතය පැවැත්වීම හෙවත් සම්මා ආජීවය යි. නිවැරදි ආකාරයෙන් සිදුකරන බුද්ධ පූජා, බෝධිපූජා, සෙත් පිරිත්, දානාදී ආමිෂ පූජා මෙන් ම පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, බණ ඇසීම, සිල්වත් ව අර්ථවත් ජීවිතයක් ගත කිරීම ආදී ප්‍රතිපත්ති පූජා කිරීම ද සම්‍යක් ප්‍රයෝගයෙහි ලා සැලකිය හැකි ය. සම්‍යක් ප්‍රයෝගයෙන් අකුසල් යටපත් කළ පුවතක් දම්පිය අටුවාවේ දැක්වේ. එය මෙසේ ය.

මේ සස්නෙහි දිවැස් ඇත්තන් අතරින් අගතැන්පත් අනුරුද්ධ තෙරුන්ගේ රෝහිණී නම් සොහොයුරියක් විය. පෙර කරන ලද කර්මයක විපාකයක් ලෙස ඕ හට චර්ම (සමේ) රෝගයක් විය. තෙරුන් වහන්සේ ඕ කැඳවා මෙසේ පැවසී ය. ‘රෝහිණිය, ඔබ ඔබගේ අලංකාරය සඳහා පළඳන භාණ්ඩ විකුණ භික්‍ෂූන් හට ආසන ශාලාවක් කළ මැනව.’ යහපතැයි පැවසූ රෝහිණී කුමරිය තෙරුන්ගේ උපදෙස් පරිදි දෙමහල් ආසන ශාලාවක් කර වී ය. ඈ නිතර එහි ගොස් එය ඇමදීම් අසුන් පැනවීම් පැන් ගෙනවිත් තැබීම් ආදිය ද කළා ය. මේ අනුව වත් පිළිවෙත්හි ඈ නිරන්තරයෙන් යෙදෙන්නට වූවා ය. එයින් ම ඇයගේ චර්ම රෝගය සංසිඳුණා ය. පසු ව ඈ බුදුන් ප්‍රමුඛ සංඝයාහට මහත් දානයක් පිළිගැන්වී ය. දන් වළඳා අවසානයේ බුදුහු ඇය කැඳවා ‘ඔබට මෙබඳු රෝගයක් හටගැනීමට හේතුව දන්නේ දැ’යි විමසා නොදන්නා බව පැවසූ විට ක්‍රෝධය නිසා යැයි ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඇය පෙර බරණැස් නුවර රජුගේ මෙහෙසිය වී රජුගේ එක් නිළියකට වෛරබැඳ ඇයට දුකක් ඇති කිරීම පිණිස කසඹිලියා වැනි කසන ගෙඩි ගෙන්වාගෙන එම නිළිය ද තමන් වෙත ගෙන්වාගෙන ඇයට නොදැනෙන ලෙස සයනයෙහි ද උතුරු සළුව අතරෙහි ද කසඹිලියා දැම්ම වී ය. සිනහවෙන් ඇගේ සිරුරෙහි ද විසුර වී ය. එකෙනෙහි ම ඇගේ සිරුරේ ගඬු හටගත්තේ ය. සයනයට ගිය විට තවත් දැඩි වේදනා ඇති විය. මෙය රෝහිණිය අතීත භවයේ ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය නිසා කරන ලද අකුසලයයි. එම කර්මයේ විපාකයෙන් මේ අත්බැව්හි දී ඇයට කුෂ්ට රෝගයක් විය. එය යම් ප්‍රමාණයක් යටපත් කරනු වස් අනුරුද්ධ හිමියන් විසින් මගක් පෙන්වන ලදි. එයින් එම කර්මය යටපත් විය.

මෙසේ සමහර කර්මයන් ඊට ප්‍රතිවිරුද්ධ කර්ම මගින් යටපත් වේ. එබැවින් නැණවත් බෞද්ධයා විසින් හැකි සෑම අවස්ථාවක දී ම අකුසලයෙන් වෙන් ව කුසලයේ පිහිටීම මැනවි. කුසල් කිරීමට නොහැකි විට කුසල් කිරීමට කැමැත්තක් හෝ ඇතිකර ගැනීම් මැනවි.

“පින් කරන මිනිසා එය නැවත නැවත ද කළ යුතු ය. පින් කිරීමට කැමති විය යුතු ය. පින් රැස්වීම සැපයට හේතු වේ.”

පුඤ්ඤං චෙ පුරිසො කයිරා, කයිරාථෙතං පුනප්පුනං,
තම්හි ඡන්‍දං කයිරාථ, සුඛො පුඤ්ඤස්ස උච්චයො.

Bakkula Saya Construction Timeline

February 2019 February 2019
March 2019 March 2019
April 2019 April 2019
May 2019 May 2019
June 2019 June 2019

February 2019

The Cornerstone

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Aenean rutrum varius nibh. Morbi auctor ullamcorper mi, id feugiat erat fringilla eget. Etiam faucibus ultrices augue a viverra. Curabitur sit amet eros sed leo semper luctus.

March 2019

Base Constrcution

April 2019

Base Walls Construction

May 2019

Upper Walls Construction

June 2019

Udamaluwa Construction

Sampath Bank – Athurugiriya branch
Account – Bakkula Maha Saya
Number – 0067 6000 0076
Bank of Ceylon (BOC) – Metropolitant branch
Account –  Bakkula Maha Saya
Number – 8010 1773

ඇතැම් රටවල සැදැහැවතුන් හට එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට
තාක්ෂණික අපහසුතා ඇත්නම් පහත ගිණුමට ඔබේ මුදල් පරිත්‍යාග කරන්න​.

Hatton National Bank- Athurugiriya branch
Account – Galigamuwe Gnanadeepa Thero
Number – 1540 2005 9835

Make your donations online

About Bakkula Saya

Bakkula Maha Rahathan

Construction Timeline

Image Gallery
Donations
Sampath Bank – Athurugiriya branch
Account – Bakkula Maha Saya
Number – 0067 6000 0076
Bank of Ceylon (BOC) – Metropolitant branch
Account –  Bakkula Maha Saya
Number – 8010 1773

ඇතැම් රටවල සැදැහැවතුන් හට එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට
තාක්ෂණික අපහසුතා ඇත්නම් පහත ගිණුමට ඔබේ මුදල් පරිත්‍යාග කරන්න​.

Hatton National Bank- Athurugiriya branch
Account – Galigamuwe Gnanadeepa Thero
Number – 1540 2005 9835

Make your donations online

Do NOT follow this link or you will be banned from the site!