Dana Parami Dansala

Share this post

Dana Parami Dansala

දිනපතා පිං වැඩෙන දන්සැලක් දීමට මාතුල ඇතිවූ සංකල්පයක් අද ථල දරනවා. ඒ සීල සුව අරණ පිංබිමේ අද සිට ආරම්භ වන “දාන පාරමී දන්සැල” යි.

සෑම දිනකම හොරණ සීල සුව අරණ වෙත පැමිණෙන සැදැහැවත් උදෙසා, බක්කුල මහා සෑයේ ශ්‍රමදාන කටයුතු සිදුකිරීමට පැමිණෙන සැදැහැවත් උදෙසා, දිනපතා සවස ඖෂධ පූජාව ආදී පිංකම් වෙනුවෙන් පැමිණෙන සැදැහැවත් උදෙසා අද සිට සවස් වරුවේ විවෘත කෙරේ…

කර්ම ථල විශ්වාස ඇති සිල්වත් එක පුග්ගලයෙකු හට කුසගින්න නිවාගැනීමට යමක් දන්දීම ආත්ම ලක්ෂයක් ආනිසංස ගෙනෙන පිනක් ය.

පිං කැමති ඔබට ද කැවිලි. බිස්කට්. පලතුරු. ආදී ආහාර පාන අප දන්සල වෙත ලබා දී පැමිණෙන සැදැහැවත් හට දන් දී. දානපාරමී පිං පුරාගත හැක..

දානය යනු සංසාරය ට ම නිධානයක් තැම්පත් කිරීමක් වැනිය. හැකි පමණින් පුංචි පුංචි පිං හෝ දිනපතාම රැස්කරගන්න. භාජනයක් ජලය බිංදුව බිංදුව වැටී ජලයෙන් පිරී ඉතිරී යන පරිදි ජීවිතයම පිනෙන් පිරී යනු ඇත.

~ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි.


ගලිගමුවේ ඤාණදීප හිමියන්