අද වප් පුන් පොහෝදා සිදුවුණු අසිරිමත් පිංකම

1

Share this post

අද වප් පුන් පොහෝදා සිදුවුණු අසිරිමත් පිංකම

මහසෑ පින්බ්මේ තුන්තිස් පැයේ දැල්වුණු පැරණි දොළොස්මහේ පහන බක්කුල මහ සෑ රදුන් උදෙසා පූජා වුන වගයි 🙏🙏🙏🏵️🏵️
ස්වර්ණමාලී මහ සෑ සලපතල මළුවේ උතුරු වාහල්කඩ වසර ගණනාවක් පුරා දෙව් ඹබ ආශිර්වාද මධ්යයේ තුන්තිස්පැයේ දැල්වුනු දොළොස්මහේ පහන් ගෙය ආලෝකවත් කල පහන හෙට උතුම් වප් පුන් පෝ දින
බක්කුල මහ සෑ රදුන් උදෙසා රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පූජා කෙරෙන වගයි…
නීරෝගීභාවයෙන් අග්ර වූ බක්කුල මහ රහතන් වහ්න්සේගේ ධාතු නිදන් සෑ රජුන් උදෙසායි මෙ උතුම් පින්කම සිදු කෙරෙන්නේ..පහන දල්වා පසුව මහ සෑ පින්බිමෙහී බොහෝ කලක් පූජනිය වූ හෙයින්ම බක්කුල මහ සෑ ගර්භයෙහි වන්දනා මානය පිණිස තැන්පත් කෙරෙන වගයි.
මහා අති උතුම් පින්කමක්.අප සැමටද දායක වන්න ලැබීම මහත් සතුටක්.
🙏🌹🪔 ආලෝක පූජාවේ ආනිසංස 🪔🙏🌹
– තියණු ප්රඥාවක් ලැබීම.
– දිවැස් ලැබීම.
– ශරීර කාන්තිය ඇත්තෙක් වීම.
– තීක්ෂණ නුවණ ලැබීම.
– සෑම තැනම තමාට ප්රදීප දැල් වේ.
– යසසින් දිලිසෙත්.
– ශ්රද්ධාව මනාව පිහිටීම.
– උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.
– උපනුපන් තැන හොඳ ඇස් ලැබීම.
– විෂම ස්ථාන වලට යන විට සමවෙන්නා හ.
– විනිවිද පෙනෙන දෙනෙත් ඇත්තෙක් වීම.
“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.
සියතින් කලාක් මෙන් අනුමෝදන් වෙත්වා ….🙏🙏🙏

~ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි.

3
1
2



              
Galigamuwe Gnanadeepa Thero